වායුගෝලයේ විවිධ සංඝටක පිළිබද දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලූනයක් ගුවන් ගත කිරීම අද පෙරවරුවේ දඹුල්ල ඩී.එස්.සේනානායක විදුහලේ දී සිදුකෙරුණා.
මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශීයෙනුයි එය සිදුකෙරුණේ.
ඇමෙරිකාවෙන් ගෙන්වන ලද විවිධ උපකරන භාවිත කරමින් සකස් කරන ලද දත්ත රැස් කිරීමේ හැකියාව ඇති උපකරණයක් ද ඊට ඇතුළත් බව සිත නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළා.
මෙමගින් ඉහල වායුගෝලයේ පවතින වීවිධ සංඝටක ප්‍රමාණයන් අනාවරණය කරගැනීම කාලගුණික දත්ත සපයා ගත හැකියි.
එමෙන්ම කැලෑ හෙළි පෙහෙළි කිරීම් කැලෑ ඝනත්වය පිළිබඳව දත්ත ලබාගැනීම, වන අලීන් පිළිබඳව තොරතුරු රැස්කර ගැනීම ආදී ක්‍රියාවන් රැසක් ද සිදුකළ හැකි වීම විශේෂත්වයක්.


More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග