මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසයේ ප්රභේදවල වෙනසක් සිදුව ඇත්ද යන්න පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.
එහි ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින් මේ වන විට ජාන විශ්ලේෂණ පර්යේෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.
එම ආයතනය වෙත පී.සී.ආර්.පරික්ෂණ සිදුකිරීම සඳහා ලබාදී තිබූ ජෛව සාම්පල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත යොමුකර ඇති සාම්පල යොදාගනිමින් අදාළ පර්යේෂණය සිදුකරන බවයි එහි අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.
පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පී.සී.ආර්. පරීක්ෂණ අසූ දහසක් පමණ සිදුකර තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් එම ආයතනය සිදුකර ඇති දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,200ක්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි