ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඞ් 19 මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමය විසින් රුපියල් කෝටි 45.7 ක (යුරෝ මිලියන 02 ක්) ප්‍රදානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙතඅද (17දා) භාර දෙනු ලැබීය.
කොවිඞ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන බැවින් හදිසි අවස්ථාවන්හිදී රෝහල් වල ඇතිවන අවශ්‍යතාවයන් සඳහා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් ඇතුළු කොවිඞ් මර්දන ක්‍රියාවලියේදී රෝහල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙම අරමුදල් පරිහරණය කළ හැකිය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්