ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 278ක්.
මියගොස් ඇත්තේ 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 51 හැවිරිදි කාන්තාවක්.
කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සටින අතර කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරුකර යවා තිබුණා.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාවයි.
මේ අතර හෝමාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුණා.
එම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද මෙම කාන්තාව මරණයට පත්වී ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව ලේ විෂවීම සහ වකුගඩු අක්‍රිය වීමයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි