මෙරට 130 වන කොවිඞ් ආසාධිත මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා.
එලෙස මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙකුයි.
ඔහු කොවිඞ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ මියගොස් තිබුණා.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ්-19 නියුමෝනියාව හමුවේ උග්‍ර වූ බැක්ටීරියා ආසාදන සහ හෘද රෝග තත්ත්වයක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 521 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගැණුනා.
ඉන් 517 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 23 005 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 26 559 ක් බවට පත්වුයේ විදේශයන්හි සිට පැමිණි 04 දෙනෙකුද ආසාධිතයන් ලෙස හඳුනාගැනීමත් සමගයි.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6992 ක්.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 390 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව