ඊයේ (25) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
01. කොළඹ 12 පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 23 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග ඇතිවූ අධික රුධිර පීඩනයයි.
02. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 25 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයකි.
ඒ අනුව, මෙරටදී මේ දක්වා කොවිඩ් ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක