රජයට අයත් මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය වන මන්නාරම සුළං විදුලි බලාගාරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කර තිබෙනවා.
මෙය ලංකා විදුලි බල මණ්ඩලය සතු වන පළමු සුළං විදුලි බලාගාරය වන අතර සුළං කුළුණු 33 කින් මෙම සුළං බලාගාරය සමන්විත වනවා.
මෙමගින් මෙගා වොට් 100 ක් ජාතික පද්ධතියට මුසු කිරීමට බලාපොරොත්තු වනවාක් මෙන්ම තවත් සුළං බලාගාර කිහිපයක් ඉදිරියේදී ඉදිකිරීමට නියමිතයි.
ඉදිරි වසර 10 ඇතුළත මෙරට ඉහළ යන විදුලි බල අවශ්‍යතාව සපුරා දීම වෙනුවෙන් මෙගාවොට් 800ක විදුලි උත්පාදනයක් මෙම සුළං විදුලි බලාගාරයෙන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.
මෙමගින් පරිසරයට වෙන හානිය මෙන්ම විදුලි බල උත්පාදනය වන විශාල වියදම ද අවම කර ගැනීමේ හැකියාව පවතී.
ඉදිරි අවුරුදු 20 ඇතුළත ඩීසල් ඉන්ධන ලීටර් 2000 පමණ වැය කිරීම අඩු කර කාබන් මෙට්‍රික් ටොන් මිලියන 5.7 පරිසරයට මුදා හැරීම ද එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමෙන් වැළැක්වේ.
මෙම ව්‍යාපෘතිය මගින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී වසර 20 ක් තුළ ඩීසල් ලීටර් මිලියන දෙදහසක් ඉතිරි කරගත හැකි වේ.
මෙරට තුළ මින් පෙර සුළං බලාගාර පැවතුන ද ඒවා පෞද්ගලික අංශයට අයත් වන අතර. ලංකා විදුලි බල මණ්ඩලය සතුවන පළමු සුළං විදුලි බලාගාරය මෙයයි.
සුළං කුළුණු 30 කින් සමන්විත මෙම බලාගාරයේ කුළුණු 10ක කටයුතු අද ආරම්භ විය.
මේ හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කර ගැනීමට වැයවන්නේ රුපියල් 10කටත් වඩා අඩු මුදලකි.
පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 135ක් වේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්