මෙරට වයස්ගතම කාන්තාව ලෙසින් සැලකුණු කලුතර – දොඩම්ගොඩ පදිංචිව සිටි වේලු පාප්පානි මාතාව ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
දෙදරු මවක වන ඇය මිය යනවිට පසුවුයේ 117 වැනි වියේයි.
දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑහින්න ග්‍රාමයේ පදිංචිව සිටි වේලූ පාප්පානි මාතාව උපත ලබා තිබුණේ 1903 වසරේ මැයි මස තුන්වැනිදායි.
රජයෙන් නිකුත් කරන වැඩිහිටියන් සඳහාවන හැඳුනුම්පත මගින්ද ඇයගේ වයස සනාථ කර තිබෙනවා.
මෙරට වයස්ගතම කාන්තාව බවට සඳහන් කරමින් වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාව ඇය වෙත සහතියක් පිරිනමා තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් පළමු වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදීයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්