නව කොරෝනා ආසාදිතයින් 887 දෙනෙකු ඊයේ (08) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ දහසේ සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව, මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 70,235 ලෙසයි.
නව ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුර 66,225 ක් දක්වා ඉහළ ගියා.
දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 5,729 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ (08) දිනයේදී තවත් ආසාදිතයින් 740 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 64,141 ක් වනවා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්