නිමාවට පත් වූ Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල වාර්තා කිරීම සඳහා, චීන මාධ්‍ය සමූහය 4500 කට අධික සේවක පිරිසකගෙන් සමන්විත මාධ්‍ය කණ්ඩායමක් යොදවා තිබිණ. ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රධාන විකාශ ආයතනය ලෙස එම සමූහය ක්‍රියා කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
චීන මාධ්‍ය සමූහය 4K/8K ප්‍රමිතීන් සමඟින් ලොවට ජාත්‍යන්තර සංඥා පද්ධති ඔස්සේ මාධ්‍ය සේවා සැපයූ පළමු අවස්ථාව ද මෙයයි. එසේම මෙම උළෙලේ සමාරම්භක සහ සමාප්ති උත්සවවල දී AR අතථ්‍ය තාක්‍ෂණය ද පළමු වරට යොදාගැනිණ. ක්‍රීඩා උළෙලක් පිළිබඳ ඉහළම වාර්තාකරණ සංඛ්‍යාව හා විවිධ මාධ්‍ය වේදිකාවල ඉහළම ආවරණය ද මෙහිදී වාර්තා වීම කැපීපෙනේ.
චීන මාධ්‍ය සමූහය සතු වේදිකාවන් හි විකාශය වූ එම ක්‍රීඩා උළෙල පිළිබඳ වැඩසටහන් බෙයිජිං වේලාවෙන් අද (9) දහවල් 2 වන විට ප්‍රේක්ෂක නැරඹුම් වාර බිලියන 41.423 ක වාර්තාගත අගයක් සපුරා තිබිණ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි