බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ලිනියන් සමාජය විසින් ශාඛ හෝ සත්ත්ව විද්‍යාඥයෙකුට වසරක් පාසා පිරිනමනු ලබන ප්‍රකට ලිනියන් පදක්කම මෙවර ශ්‍රී ලාංකිකයෙකුට පිරිනමා තිබෙනවා.
ඒ, මෙරට සුප්‍රකට ස්වභාව විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියාගොඩට මහතාටයි.
මෙම ලිනියන් පදක්කම හඳුන්වා දෙනු ලබන්නේ ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසයි.
ඒ මහතා මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉන්ජිනේරු අංශයේ මෙන්ම ජල සම්පත් මණ්ඩලයේ සේවය කර ජාත්‍යන්තර රතු දත්ත කමිටුවේ නියෝජ්‍ය සභාපති ධුරය ද හොබවා තිබෙනවා.
1888 වසරේ දී ලිනියන් පදක්කම හඳුන්වාදීමෙන් පසු එය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ද රොහාන් පෙතියාගොඩ මහතා වීම සුවිශේෂිත්වයක්.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට