චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය ප්‍රංශ සංචාරය අරඹයි.
හෙතෙම අද(5) පස්වරුවේ ප්‍රංශයේ Orly ගුවන් තොටුපළට ළඟාවීමෙන් පසු සිය සංචාරය පිළිබඳ අදහස් ලිඛිතව ඉදිරිපත් කර ඇත.
ජනාධිපති Emmanuel Macron මහතාගේ ඇරයුමට අනුව ප්‍රංශයේ සිය තෙවැනි නිල සංචාරය ආරම්භ කිරීමට ලැබීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
වසර 60කට පෙර චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කෙරිණ. ගෙවුණු එම දශක හය තුළ දෙරටේ සබඳතාව, විවිධ සමාජ ක්‍රමයන් ඇති රටවල් අතර පවතින සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාව පිළිබඳ මනා ආදර්ශයක් ජාත්‍යන්තර ප්‍රජාවට සපයා දී තිබෙන බව ෂී ජින් පිං මහතා පවසා ඇත.
මෑත වසරවලදී, චීන-ප්‍රංශ සබඳතා ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ගුවන් සේවා, න්‍යෂ්ටික බලශක්තිය, කෘෂිකර්මාන්තය, ආහාර, හරිත සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාව නව ප්‍රතිඵල අත්කර ගැනීමට අඛණ්ඩව සමත් වී ඇත.
එමෙන්ම චීන-ප්‍රංශ සබඳතා වර්ධනය දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දී ඇති අතර එය කැළඹිලි සහිත ලෝකයට ස්ථාවරත්වය හා ධනාත්මක ශක්තියක් එක් කර ඇති බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම සංචාරය අතරතුර, නව තත්ත්වය යටතේ චීන-ප්‍රංශ සහ චීන-යුරෝපා සංගම් සබඳතා සංවර්ධනය මෙන්ම, වත්මන් ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ජනාධිපති Macron මහතා සමඟ ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.
මෙම සංචාරයෙන් චීන-ප්‍රංශ දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය යළි තහවුරු කර ගැනීමටත්, දෙරටේ සබඳතා වෙනුවෙන් යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමටත් හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි