ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම මීළඟ විවාහක ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය සදහන් කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම තරගාවලියේ Mrs. World Inc. සංවිධායකයින් සදහන් කර ඇත්තේ ජාතික තරගාවලියේදී කැරොලයින් ජූරි සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමන් පූර්ණ දැනුවත්භාවයකින් පසුවන බවයි.
පසුගිය 4 වනදා නෙළුම් පොකුණ රගහලේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී කිරුළ පළඳා විනාඩි කිහිපයක් ඇතුළත රූ රැජිණට කිරුළ අහිමිවීමේ අසාමාන්‍ය සිදුවීමක් වාර්තා විය.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඔටුණු පැළඳුවා ය.
සභාවේ සිටි කිසියම් අයකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුවු අතර ඊට එකඟතාව පළ කරමින් තීරක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ අනුශූරතාව ලබාගෙන ගත් තැනැත්තිය වෙත පිරිනැමී ය.
- මුලාශ්‍ර ලංකාදීප පුවත්පත
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි