ලොව මෙතෙක් බිහිවූ අති විශිෂ්ඨතම පාපන්දු ක්රීඩකයෙක්ලෙස සැලකෙන ලියොනල් මෙසී ප්‍රංශයේ “Paris Saint-Germain” පාපන්දු කණ්ඩායම සමග එක්වීමට කැමැත්ත පළකර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහු වසර දෙකක ගිවිසුමකට එළඹීමට PSG පාපන්දු සමාජය සමග එකඟවී ඇති බවත් වෛද්‍ය නිර්දේශ සුභදායී නම් තෙවැනි වසරක් සඳහා ද එම පාපන්දු කණ්ඩායම වෙනුවෙන් කැපවීමට මෙසී කැමැත්තෙන් සිටින බවත් ය.
වසර 21ක් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ මෙසී එයින් ඉවත්වන බව මීට දින කිහිපයකට පෙර නිවේදනය කළේය.
34 හැවිරිදි මෙසී ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි