පවතින බරපතල කොවිඩ් 19 ව්‍යාප්තිය වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ක්‍රමක්‍රමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් ආසාදනයට ලක්වෙමින් පවතින අතර තත්ත්වය පාලනයකින් තොරව මෙලෙස පැවතුණහොත් සෙසු ජනතාව ආසාදනය වී රෝහල්ගතවන විට ඔවුන්ට සේවය කිරීමට කාර්ය මණ්ඩලයක් ඉතුරු නොවනු ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය අවධාරණය කළාය.
ඒ, අද (19) කොවිඩ් 19 මර්දන පුරවැසි කාර්ය සාධක බලකාය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
එහෙයින් මේ සඳහා දැන්ම පිළිතුරක් සොයා නොගතහොත් තත්ත්වය ඉතාම බරපතල වනු ඇති බව ඇය සඳහන් කළාය.
මෙහිදී ඇතැමුන් පවසන අන්දමට මෝචරි වැඩි කිරීම හෝ රෝහල් වැඩි කිරීම නොව පවතින ඒවා කළමනාකරණය කිරීම බවයි ඇය පෙන්වාදුන්නේ.
පවතින අර්බුදකාරී තත්ත්වය මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආසාදනය වීමෙන් සිදුවන්නේ රෝගී ජනතාවගේ ජීවිත අනතුරට ලක්වීම බව තේරුම් ගත යුතු බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්