ගොරකා කාපු රිලවාට වෙච්ච දේ මේ ආණ්ඩුවටත් සිදුවී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද (25) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරන ලදී.
භික්ෂූන්ගේ හා සොල්දාදුවන්ගේ නම විකුණගෙන බලයට ආ මහා සිංහල ආණ්ඩුව ඊයේ (24) ඉතා අශෝබන වැඩක් කළ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
දළදා මාලිගාවට බෝම්බ ගහපු, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරපු, සොල්දාදුවන් විශාල පිරිසක් ඝාතනය කරපු, බන්ධනාගාරයේ සිටිද්දී දීපාවලිය ටත් ගෙදර ගියපු පිල්ලෙයාන්ව ඊයේ (24) ඉතා ලස්සනට බේල් කරද්දි රටේ අපරාධ මැඩීමට විශාල සේවයක් කර ශානි අබේසේකරව ජේල් කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් රට විශාල පසුබෑමකට ලක්වන බව ඔහු වැඩිදුරටත් පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේදී අද(25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතායි මේ බව කියා සිටියේ.
https://www.facebook.com/mpharin.fernando/videos/1366496940365078/
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්