දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
“දිවුලපිටිය සහ මිනුවන්ගොඩ අශ්‍රිත කොවිඩ් 19 දෙවෙනි රැල්ල ලෙස සැලකෙන වසංගත තත්ත්වය මේ වන විට ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණු අනුපොකුරේ රෝගීන් එක්ක මෙ පොකුරේ වාර්තාවුණු රෝගීන් දිවයින පුරාම විහිදී ඉන්නවා. එමෙන්ම ලංකාවේ අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි.
ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි