ක්‍රිකට් ආයතනය පාලනය කරන පුද්ගලයන් දැන් වසර ගණනාවක් තිස්සේ එම තනතුරුවලට කටයුතු කරන බවත්, ඉදිරියේදී පැවැත්වෙන නිළවරණයෙන්ද ඔවුන් නැවතත් පත්වනු ඇති බවත් හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතා පවසනවා. ඔවුන්ගේ පරිපාලනය යටතේ වසර ගණනාවක් තිස්සේ කඩා වැටුණු ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී යළි නිවැරදි මාවතට වැටෙනු ඇතැයි කිසි ලෙසකින්වත් බලාපොරොත්තු විය නොහැකි බවද රණතුංග මහතා පවසනවා.
වත්මන් පරිපාලනය වසර ගණනාවක් තිස්සේ සිදු කළේ ක්‍රීඩකයන් විසින් ක්‍රිකට් ආයතනයට උපයා දෙන මුදල් යටිමඩි ගසාගෙන ඔවුන් තරවීම මිස ක්‍රිකට් ගොඩනැගීම නොවන බවට හිටපු ක්‍රිකට් නායකයා චෝදනා කරනවා.
මෙතරම් දක්ෂ පුහුණුකරුවන් සිටියදී, අත්දැකීම් සහිත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සිටියදී විශාල මුදලක් ගෙවා විදෙස් පුහුණුකරුවන් මත විශ්වාසය තැබීම ක්‍රිකට් ක්‍රීඩාව මෙරතම් කඩාවැටීමට ප්‍රබල හේතුවක් වී ඇති බවයි රණතුංග මහතා පෙන්වා දෙන්නේ. විශාල මුදල් ගෙවා විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමට කටයුතු කරන ක්‍රිකට් පරිපාලනය දේශීය පුහුණුකරුවන්ට ඔවුන්ගේ වටිනාකම ලබාදීමට සූදානම් නොමැති බවත් ඊට හොඳම උදාහරණය චමින්ද වාස් බවත් අර්ජුණ රණතුංග මහතා පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්