එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීමේ සිද්ධියත් සමඟ ධීවර ජනතාවට සිදුව තිබෙන හානිය වෙනුවෙන් එම සමාගමට එරෙහිව නඩු මාර්ගයට යොමුවීමට ධීවර සංගම් ලෙස මැදිහත්වන ලෙසත් ඉදිරියේදී තමන් එයට නායකත්වය දෙන බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අවධාරණය කළේය.
ඒ,අද (02) කොළඹ අගරදගුරු නිල නිවසේ දී පැවති මාධ්‍ය හමුවේදීය.
ජනතාවගේ ජීවිත සමඟ මෙලෙස සෙල්ලම් කිරීමට තවදුරටත් ඉඩදිය යුතු නැති බවයි උන්වහන්සේ පැවසුවේ.
”මේ නැවෙන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදුවෙලා තිබෙනවා. මේ නැව එද්දී ගිනිගනිමින් තිබුණා කියල දවස් ගණනකට පස්සේ පත්තරවල පින්තූර දැක්කා. ඒ වෙලාවේදීවත් මොනවත් කළේ නැහැ නැව ගැඹුරු මුහුදට අරගෙන යන්න. දැන් මුහුදු වෙරළ ඔක්කොම විනාශ කරලා,මත්ස්‍ය සම්පත ඔක්කොම විනාශ වුණාට පස්සේ දැන් සුදුලුණූ පොඩිකරන්න එනවා. දැන් හේතු දාන්න එනවා. ඒ විතරක් නෙවෙයි දැන් ආරංචි වෙන්නේ මේ නැව ගිලෙමින් පවතිනවා කියල. නැව ගිලුනොත් නැවේ තියෙන තෙල් සේරම කාන්දු වෙලා මුළු මුහුදු වෙරළයි,රස්සාවයි ඔක්කොම නැතුව යනවා අපේ ධීවර ජනතාවට. ඒකට අපිට ඉඩ දෙන්න බැහැ.”
රට ආරක්ෂා කරන බවට කියමින් රට භාරගත් අයම දැන් රට විනාශයට ඇදදමමින් සිටින අතර එය වේදනාකාරී අත්දැකීමක් බවත් සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් ඇති බවත් කාදිනල් හිමියෝ ප්‍රකාශ කළහ.
රට තුළ අවිනිශ්චිත පරිසරයක් ඇතිව තිබෙන බවයි උන්වහන්සේ කියාසිටියේ.
මේ වන විට ආණ්ඩුව රටේ සම්පත් විදෙස් රටවලට විකුණා දමමින් පසුවන අතර එය රටේ ගරුත්වයට හානියක් බවද උන්වහන්සේ පෙන්වාදුන්හ.
එදා MCC ගිවිසුමට විරුද්ධ වූ මේ රජයේ සිටින දේශපාලකයෝම දැන් ඊටත් වඩා වැඩියෙන් දරුණු ලෙස කටයුතු කරමින් හිඳින බව පෙනෙන්නට ඇති බවද කාදිනල් හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්