The Wall Street Journal පුවත්පත පසුගිය 15වැනිදා පළ කළ නවතම කාර්තු සමීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව, ඇමරිකා ෆෙඩරල්සංචිතයේ ආක්‍රමණශීලී පොලී අනුපාත ඉහල දැමීමේ පසුබිම යටතේ, ඇමරිකානු ආර්ථිකය ඉදිරි වසරක් තුළ මෘදු අවපාතයකටමුහුණ දෙනු ඇති බවට, ආර්ථික විදයාඥයෝ අපේක්ෂා කරති.
ජනවාරි 6 සිට 10 දක්වා ආර්ථික විද්‍යාඥයින් 71 දෙනෙකු සමීක්ෂණයට එක්ව තිබේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75% විශ්වාසකළේ, ෆෙඩරල් සංචිතය ආර්ථික වර්ධනය මන්දගාමී වීමෙන් උද්ධමනය අඩු කිරීමට අපේක්ෂා කරන නමුත්, ආර්ථිකයේ ‘මෘදුගොඩබෑමක්’ සිදු නොවනු ඇති බවයි. ඉහළ උද්ධමනය සහ එය මැඩපැවැත්වීමට ෆෙඩරල් සංචිතයේ ප්‍රතිපත්තිමය උත්සාහයන්මේ වසරේ ඇමරිකානු ආර්ථිකය මුහුණ දෙන විශාලතම අවදානම වනු ඇත. ඉදිරි මාස 12 තුළ ඇමරිකානු ආර්ථිකය අවපාතයකටලක්වීමේ සම්භාවිතාව 61% තරම් ඉහළ අගයක් ගනු ඇති බව, එම සමීක්ෂණයේ දැක්වේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි