ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ඉකුත් සතිඅන්තයේ සිදු වූ වෙඩි තැබීම්වලින් දෙදෙනෙකු මිය ගොස්, 41 දෙනෙක් තුවාල ලබති.
Ohio ප්‍රාන්තයේ Columbus නුවර ඊයේ (23) සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
එසේම Missouri, Alabama සහ New York ප්‍රාන්තවල ද වෙඩි තැබීම් සිදුව ඇති අතර, ඒවායින් එක් පුද්ගලයෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
‘ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්ව ලේඛනය’නමැති වෙබ් අඩවිය පළ කළ සංඛ්‍යාලේඛන අනුව, ජුනි 23 වැනිදා වනවිට, මේ වසරේ පමණක් එරට 8016 කට වැඩි පිරිසක් විවිධ වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් තිබේ. 15000 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මහා පරිමාණ වෙඩිතැබීම් 244 ක් සිදු ව ඇතැයි ද එම වෙබ් අඩවිය කියයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්