පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා ගොනුකළ යුතු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
ඔවුන් දෙදෙනොට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ටද චෝදනා ගොනුකළ හැකි බවයි කොමිසම නිර්දේශ කර තිබෙන්නේ.
මීට අමතරව ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිළධාරීන්, අන්තවාදී අදහස් පතුරුවන සහ අන්තවාදී සංවිධාන පිහිටුවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ නිළධාරීන් සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳවද කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. විදෙස් ආධාර ලබා ගනිමින් අන්තවාදී අදහස් පතුරුවනු ලැබූ පුද්ගලයින්ට එරෙහිව මෙහිදී කොමිසම විසින් සිය නිර්දේශ ඉදිරිපත් කොට ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත්කළ අතර සාක්ෂිකරුවන් රැසකගෙන් සාක්ෂි විමසීමෙන් සහ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අවසන් වාර්තාව සකස් කොට පසුගිය සඳුදා එම වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර කෙරිණි. හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් රැස්වීමේ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ