ශ්රී ලංකාවට පැමිණී එංගලන්ත තුන් ඉරියව් ක්රීඩක මොයින් අලි කොවිඩ් -19 පරික්ෂණයෙදි ධනාත්මක වි ඇති බව තහවුරු වී තිබෙනවා.
එංගලන්තයෙන් පිටත්ව යාමට පෙර සිදුකල පරික්ෂණයෙදි ඍණාත්මක ලෙස තහවුරු වුවත්, 33 හැවිරිදි මොයින් අලි දැන් ශ්රී ලංකා රජයේ නිරෝධායන නීතීය අනුව දින 10 ක් හුදෙකලා වනු ඇත. එ අනුව ජනවාරි 13 වනදා හුදෙකලා වීමට මොයින්ට සිදුවනු ඇත. ඊට පසු දින පළමු ටෙස්ට් තරගය ආරම්භ වන බැවින් ඔහුට එම තරගය ක්රීඩා කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.
තුන් ඉරියව් ක්රීඩක ක්රිස් වෝක්ස් ඔහුගේ සමීප සම්බන්ධතාවයක් ලෙස සලකනු ලබන අතර, ඔහුටද ස්වයං හුදකලා කාලයක් සහ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ඇත.
එංගලන්තයේ ටෙස්ට් තරග දෙකකින් යුත් ශ්රී ලංකා සංචාරය ජනවාරි 14 වනදා ගාල්ලෙන් ආරම්භ වේ.
- චානක අරවින්ද
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව