කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක දී මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක් බවත්, එයින් මුළු වැඩසටහනම විනාශ වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. එවැනි දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අමතමිනි.
කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ප්‍රදේශ තෝරාගෙන ඇත්තේ විද්‍යානුකූල පදනමක් යටතේ බව කී ජනාධිපතිවරයා කොරෝනා ආසාදිතයින් වාර්තාවීම පිළිබඳ දත්ත අනුව සෞඛ්‍ය අංශවල ද සහයෝගයෙන් එම ප්‍රදේශ තෝරාගෙන ඇති බවත්, දිස්ත්‍රික්කවල ද එන්නත් ලබාදෙන්නේ අවශ්‍යම ප්‍රදේශවලට බවත් ප්‍රකාශ කළේය.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මොරටුවේදී ඇති වූ සිද්ධිය අහඹු ලෙස වූ දෙයක් බවයි.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “ඔව් මම දන්නවා. හැමතැනම හොඳට වුණා. ඒත් එක තැනක එහෙම කළාම ඒක තමයි මාධ්‍යවලයි හැමතැනම යන්නේ,” යනුවෙනි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති