මොරටුව ද මැල් මාවතේ පදික වෙළඳුන් පිරිසක් අද මොරටුව මහ නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. ඒ නගර සභාවට සහ පොලීසිය විරෝධය පළකරමිනි.
එම අවස්තාවේදී ටයර් ගිනි තබා විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.
මෙම වෙළඳුන් පවසන්නේ නගර සභාව සහ පොලීසිය තමන්ගේ වෙළඳාම් කටයුතු සඳහා බාධා එල්ල කරන බවයි. ඊයේ නගර සභාවෙන් පැමිණ එළවළු පළතුරු ඇතුළු තමන් වෙළඳාම් කරමින් සිටි සියලු දේ කුණු ලොරියක පටවාගෙන ගිය බව ඔවුන් පවසනවා.
මේ නිසා විශාල පිරිසක් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.
එක් අයෙකු පැවසුවේ තමන් ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් ඡන්දය පවා භාවිතා කළ අයෙකු බවයි. ජනතාවගේ ඡන්දයෙන් බළයට පත් ආණ්ඩුව ඡන්දය දුන් ජනතාවට බල්ලන්, බළලුන් ගණනට දමා කටයුතු කරන බව ඔහු පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්