මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුලු පොලිස් නිලධාරින් 50කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක්කර තිබේ.
ඒ එම පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
කොස්තාපල්වරුන් දෙදෙනාම පානදුර බුද්ධි කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන අතර මීට දින තුනකට පෙර සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග