උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 632ක් පමණ මියගොස් තිබේ. එරටට රික්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයකින් බලපෑම් එල්ල විය. ඒ එරට වේලාවෙන් රාත්‍රී 11ට පමණය.
ඉන් වැඩි හානියක් සිදුවී ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය වන මරකේෂ් නගරයටය. එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති මරකේෂ් හි පැරණි නගරයට ද ඉන් හානි සිදුවී තිබේ.
100 ඉක්මවූ පිරිසක් තුවාල ලබා තිබෙන අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදවා ගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි. භූ කම්පනයේ සුන්බුන්වලින් මාර්ග අවහිරවීම හේතුවෙන් සහන සේවකයින්ට බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟාවීමට අපහසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය 2004 වසරෙන් පසු මොරොක්කෝවට බලපෑ ප්‍රබලතම භු කම්පනය බව සඳහන් වෙයි.එමෙන්ම මෙය වසර 120කින් පසු උතුරු අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනය වීමද විශේෂත්වයකි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව