ඉන්දීය දේශසීමාවට අත නොතබන්න යැයි අවධාරණය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද චීනයට අනතුරු ඇගවීමක් සිදුකළා. 74 වන ඉන්දීය නිදහස් දිනයේදී ජාතිය අමතමින් මෝදි අගමැතිවරයා මේ බව පැවැසුවා. නවදිල්ලියේ ඵෙතිහාසික රතු බලකොටුවේදීයී අගමැතිවරයා ජාතිය ඇමතුවේ.
ඉන්දියාවේ ස්වෛරීභාවය උත්තරීතරම සාධයක බවත්, අසල්වැයන් සමඟ පවතින හොඳහිත ආරක්‍ෂාව හා විශ්වාසය මත පමණක් රඳා පවතින බවත් ඔහු අවධාරණය කර තිබුණා. ඉන්දියාවේ අඛණ්ඩතාව පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් දැක්වූ නරෙන්ද්‍ර මෝදි අගමැතිවරයා පෙන්වා දුන්නේ එය ද ඉන්දියානුවන්ගේ උත්තරීතරත්වයේ සංකේතයක් බවයි.
චීනය සමඟ සැඟවුණු සටනක නිරතව සිටින තවත් රාජ්‍යක් ලෙයසි ඉන්දියාව හැදින්විය හැකි වන්නේ. ටික්ටොක් වැනි චීන යෙදවුම් 59 ක් තහනම් කරමින්ද චීන කොන්ත්‍රාත්කරුවන් ප්‍රතික්‍ෂේප කරමින්ද ඉන්දියාව ක්‍රියාත්මක වන තත්ත්වයන් මෑතකදී නිරීක්‍ෂණය වූ විශේෂ කරුණයි.
චීනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අනියමින් අදහස් දක්වමින් මෝදි අගමැතිවරයා පේනවා දුන්නේ හදවත් බෙදා හදා ගන්නා ජාතියක් ඉන්දියාවේ ප්‍රාර්ථනය බවයි. කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීමට ප්‍රමුඛතාව දෙමින් ක්‍රියාත්මක වෙමින් සිටින බවද ඉන්දිය අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි