ඉන්දියාවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂය 2024 මැතිවරණ සටන සඳහා ප්‍රචාරක මෙහෙයුම් දැනටමත් ආරම්භ කර තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තුන් වැනි වරටත් පාලන බලය වෙනුවෙන් සටන් කරයි. සිය මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ මූලික පියවරක් ලෙස භාරතීය ජනතා පක්ෂයේ ස්වෙච්ඡා ක්‍රියාකාරීන් 18,000ක් ලබන ජනවාරි මාසය වනවිට සිය ආධාරකරුවන් මිලියන 35ක් මුහුණට මුහුණ ලා හමු වී පක්ෂය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.
කොතෙක් මතභේදකාරී වාතාවරණයක් මතු වුවත් භාරතීය ජනතා පක්ෂ නායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තවදුරටත් ඉන්දියානුවන් අතර ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි.
කෙසේ නමුත් ජනමත සමීක්ෂණ මත රැඳෙමින් අගමැති මෝදිට සහ භාරතීය ජනතා පක්ෂයට නියත ජයක් ලැබිය හැකි වේද යන්න ගැටලුවක් වී ඇත්තේ මෑතක දී පිහිටුවා ගත් නව විපක්ෂ සන්ධානය හේතුවෙනි.
භාරතීය ජනතා පක්ෂයේ සාම්ප්‍රදායික පසමිතුරන් වන ගාන්ධිවරුන් ගේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ව පක්ෂ 26ක් එක් ව පිහිටුවාගත් I.N.D.I.A. සන්ධානය හේතුවෙන් අගමැති මෝදිට 2024 මැතිවරණයේ දී විශාල අභියෝගයක් එල්ල විය හැකි බව විශ්වාස කෙරෙයි.
භාරතීය ජනතා පක්ෂයට එරෙහි ව ප්‍රබලතලම බලවේගය ඓතිහාසික කොල්කටා පුරවරය කේන්ද්‍ර කොට ගෙන පැන නැඟෙමින් පවතියි. භාරතීය ජනතා පක්ෂය එහි සැලකිය යුතු ජනප්‍රියත්වයක් පවත්වා ගත්ත ද මීට සිව් වසරකට පෙර ඔවුන් එහි දී කලාපීය පක්ෂය හමුවේ පරාජය විය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි