මාවතගම පුස්සැල්ල ප්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු මතට පොල් ගසක් කඩා වැටී තිබේ.
ඊයේ (05) සවස 6.55ට පමණ සිදුව ඇති එම අනතුරෙන් ඔවුන් දෙදෙනා බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ 50 හැවිරිදි කාන්තාව මියගොස් තිබේ.
අනතුරට ලක්ව තිබුණේ පුස්සැල්ල පස්සැලිතැන්න ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට