ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
මින් එක් අනතුරක් සිදුව ඇත්තේ වව්නියාව – මැදවච්චිය මාර්ගයේ 171 කිලෝමීටර් කණුව අසල දී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන්.
අනතුරෙන් ඉරට්ටපෙරියකුලම් ප්රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
එමෙන්ම කුරුණෑගල කොළඹ ප්රධාන මාර්ගයේ ආයුර්වේද රෝහල අසලදී සිදුවූ තවත් අනතුරකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
මේ අතර කඩවත එඬේමුල්ල ප්රදේශයේ දී ද යතුරුපැදියක්, මාර්ගයේ ගමන්කළ 71 හැවිරිදි කාන්තාවකගේ ගැටීමෙන් ඇය මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ