දිවයිනේ ඇතැම් ප්රදේශ වල යතුරු පැදි සොරකම් කිරීමේ ප්රවණතාවක් ආරම්භ වී තිබෙන බව පොලීසිය පවසනවා.
ගත වූ පැය 24 දී පමණක් එවැනි යතුරු පැදි සොරකම් සිදුවීම් 06 ක් වාර්තා වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එමනිසා මාර්ගයේ නවතා යන තමන්ගේ යතුරුපැදි සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
තම යතුරුපැදිය යම් ස්ථානයක නවත්වා පිටතට යන්නේ නම් ඒ සඳහා ආරක්ෂිත ක්රියාමාර්ග සහිතව ක්රියාත්මක විය යුතු බවයි පොලීසිය පැවසුවේ.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්