එළිමහන් කලාපවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට නිකුත්කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශය යලි අවලංගු කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.
රටපුරා ක්‍රියාත්මක ජනතා ඒකරාශී වීම් සලකා බලා එම තීරණය ගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ .
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේ මින් ඉදිරියට ද එළිමහනේ දී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන බවයි .
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට