එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ භික්ෂු සංවිධානයේ නායකයන් පිරිසක් ඊයේ එජාප සිරිකොත මූලස්ථානයට කඩාවැදී රනිල් වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත් වන්නැයි බලපෑම් කිරීම හේතුවෙන් ඊයේ සිරිකොත තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.
නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි ඇතුළු පිරිසක් මෙසේ රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් සිදුකර ඇති අතර එහිදී භික්ෂූන් වහන්සේලා පවසා තිබෙන්නේ මෙරට තිබූ විශාලතම දේශපාලන පක්ෂය අද බිමටම සමතලා වී ඇති බවයි. ඊට වගකිව යුතු එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, මෙතරම් පරාජයට පත්ව තිබියදී හෝ වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී කරු ජයසූරිය මහතාට නායකත්වය ලබාදිය යුතු බවත් තිනියාවල පාලිත හිමි පවසා තිබෙනවා.
කරු ජයසූරිය මහතා හැර වෙනත් කිසිවෙකුටත් එජාපය වැටී ඇති වලෙන් ගොඩගත නොහැකි බවයි භික්ෂූන් වහන්සේලා පෙන්වා දී තිබෙන්නේ.
කෙසේ වෙතත් නායකත්වයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා එය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කළයුතු බව පවසමින් ඇඟ බේරාගෙන තිබේ.
අවසානයේ තිනියාවල පාලිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිස එජාප මූලස්ථානයෙන් එළියට පැමිණ තිබෙන්නේ තමන් නැවත කිසිදු දේශපාලන කටයුත්තක් වෙනුවෙන් හෝ සිරිකොත පස් පාගන්නේ නැති බව පවසමිනි. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටින්නේ නම්, නැවත යම් දිනෙක පැමිණෙන්නේ එජාපයට පාංශුකූලය දීම සඳහා පමණක් බවද තිනියාවල පාලිත හිමි රනිල් වික්‍රමසිංහ මහතාගේ මූණටම පවසා පිටව ගොස් තිබෙනවා.
*Copied
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්