ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය දින හයක විවේකයකින් පසුව අද (21 වැනිදා) නැවත ජෛව ආරක්ෂණ බුබුළ සමගින් එක්වීමට නියමිතව තිබේ.
දකුණු අප්‍රිකාව සමග නිමාවට පත් වූ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩකයින්ට දින 10ක විවේකයක් ලබා දීමට තීරණය වුවද, පසුව එය දින 06ක් දක්වා අඩු විය.
මැයි මාසයේ පැවැති බංග්ලාදේශ සංචාරයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙසේ ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ කටයුතු කරන ලදී. ඉකුත් අගෝස්තු මාසයේ පැවැති ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ඇතැම් ක්‍රීඩකයින් යම් විවේකයක් ගත්තද, එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක පමණක් නොකඩවා ජෛව ආරක්ෂිත බුබුළේ රැඳී සිටිමින් කටයුතු කරන ලදී.
ඒ අනුව අයි.පී.එල්. තරගාවලියට එක්ව සිටින වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර හැරුණු විට සෙසු ක්‍රීඩකයින් 21 දෙනාම අද කොළඹ තරු පංතියේ හෝටලයකදී ජෛව ආරක්ෂණ බුබුළට එක්වනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්