ඊයේ රාත්‍රී 10.00 සිට ලබන 30 වැනිදා අළුයම 04.00 දක්වා දැනට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු යළිත් වරක් සාතිශය බහුතරයක් දෙනා නිවෙස් හෝ සිය නවාතැන් වෙත සීමා කර තිබේ.
ඒ අනුව අද විශේෂයෙන් කොළඹ නගරය සම්පූර්ණයෙන් පාහේ හුදෙකලා වී තිබෙන අතර කොළඹ හරස් විදී සියල්ලම වසා දමා ඇති පසුබිමක තොග වෙළෙඳ ආයතන කිහිපයක් පමණක් තවදුරටත් සිය සේවාව ලබා දීම සිදුකරයි.
ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වන කොළඹ නගරය මේ වන විට දැඩි නින්දක පසුවන සෙයක් පෙන්නුම් කරයි.
නිරෝධායන ඇඳිරි නීතියට අවනත නොවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.




More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට