සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් බව සැක කරන යාපපනයේ තරුණයන් පස්දෙනෙකු අත්තනගල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් තුළදී තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාෂය කියයි.
එම සැකකරුවන් සමඟ අඟල් හත සහ 8 ප්‍රමාණයේ දිගති කිනිසි හතරක්, මිනී ඔලුවක සලකුණු සඳහන් පුහුණු ආවරණයක් පොලිසිය භාරයට ගෙන ඇත
සංවිධානාත්මක කල්ලියකට අයත් පිරිසක් අත්තනගල්ල ප්‍රදේශයේ සමාගමක් තුළ සිටින බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරක් අනුව සැකකරුවන් එම ආයතනය තුළ දී අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ පෞද්ගලික කබඩ් පරික්ෂා කිරීමේදී තියුණු ආයුධ සහ මුහුණු ආවරණය සොයාගත් බව පොලිසිය කියයි
මෙම තරුණයන් පිරිස මීට දින කිහිපයක ඉහත දී එම සමාගම තුළ දී කිසියම් පුද්ගලයකුගේ උපන්දිනයක් සමරා කේක් කපා සාදයක් ද පවත්වා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය
සැකකරුවන් පස් දෙනාගෙන් ඔවුන් යෙදුන අපරාධ පිළිබඳ සහ ඔවුන් කිනම් පුද්ගලයන්ගේ අනුගාමිකයන්ද යන්න ප්‍රශ්න කර හෙළිකර ගැනීම සඳහා කටයුතු සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් තරුණයන්ට වයස අවුරුදු 20 සහ 27 අතර පසුවන්නන් ය
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්