යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවාන්නන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
මහ නගර සභාවේ සේවකයින් විසින් පැළඳ සිටින නිල ඇඳුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු ව ඇති අතර මහජන ඡන්දයෙන් තේරී පත් වූ නිලධාරියෙකු විසින් සිදුකරන ලදැයි කියන යම් වැරැද්දක් පිළිබඳව පොලිස් ක්‍රියා මාර්ගයක් ගැනීමට පෙර ඒ පිළිබඳව පරීක්ෂණයක් අදාළ අංශ විසින් සිදු කළ යුතු බවද එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.
මෙම සේවකයින් විසින් පැළඳ සිටින නිල ඇඳුම්වල එල්ටීටීඊයේ නිල ඇඳුම්වලට සමානකමක් ඇති බවට කර ඇති චෝදනාවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස එජාප නිවේදනයක් නිකුත් කරමින් සියා සිටියි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට