යාපනය විශ්ව විද්‍යාලයේ මාරාන්තික උපවාසයක යෙදී සිටින සිසුන් පිරිස මේවන විට ආහාර නොගැනීම නිසා ඔවුන් බිම වැතිර උපවාසයේ යෙදී සිටින බව වාර්තා වනවා.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස විශ්ව විද්‍යාලයේ පරමේස්වරන් කෝවිල ඉදිරිපිට මාරාන්තික උපවාසය දියත් කොට තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා යාපනය විශ්ව විද්‍යාලයේ දෙවන වසර හා තුන් වන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ සිසුන්ට විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ලබා දී ඇති දඩුවම් සාධාරණ නොමැති නිසා ඒවා ලිහිල් කරණ ලෙස ඉල්ලමින් මෙලෙස උපවාසයේ නිරත වනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග