යැංසි ගංගා ඩෙල්ටා කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
එම සමුළුව ඊයේ(30) උදෑසන ශැංහයි නගරයේ පැවැත්විණ.
නව ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීම සඳහා යැංසි ගංගා ඩෙල්ටා කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය කොට චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයේ ප්‍රමුඛ හා ආදර්ශවත් කාර්යභාරයක් ඉටු කරන්නැයි ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
යැංසි ගංගා ඩෙල්ටා කලාපය තාක්ෂණික නවෝත්පාදන සහ කාර්මික නවෝත්පාදනයන්හි හරස් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර ඒකීයකරණ සංවර්ධන පද්ධති සහ යාන්ත්‍රණ වේගයෙන් වැඩිදියුණු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. එසේම ජෛව පරිසරයේ ඒකාබද්ධ ආරක්ෂාව සහ ඒකාබද්ධ කළමනාකරණය ශක්තිමත් කොට ආරක්ෂිත සංවර්ධනය සඳහා ධාරිතාව වැඩි දියුණු කිරීමට උත්සාහ දැරිය යුතු බව ද හෙතෙම පැවසීය.
යැංසි ගංගා ඩෙල්ටා කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්පූර්ණ නායකත්වය ස්ථීරව අනුගමනය කරන්නැයි ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය