පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් වින්දිතයන් බවට පත්වූ සියළු දෙනාට සාධාරණයක් කරන ලෙස ඉල්ලා එක්සත් රාජධානියේ ජීවත් වන ශ්‍රි ලාංකිකයන් පිරිසක් විසින් ඊයේ(16) පස්වරුවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා.
ලංකාවේ වර්තමාන රජය බලයට පත්වන විට ලබාදුන් ප්‍රධානම පොරොන්දුව වන පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඩුවම් ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී උද්ඝෝෂකයන් රජයට බලකර සිටියා.ඉතාලිය, ප්‍රංශය,ඇමරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක ජීවත් වන ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වනු ලැබූ උද්ඝෝෂණ රැල්ලේ තවත් එක පියවරක් ලෙස ලන්ඩන් නුවරදී අද මෙම උද්ඝෝෂණය පැවැත්වූනා.
පාස්කු ප්‍රහාරයට අමතරව රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කරන ලෙස මෙන්ම මේ වන විට ලංකාවේ ජීවත් වන ජනතාව මුහුණ දී ඇති පීඩනයන්ට විසඳුම් ලබාදෙන ලෙසද පිරිස විසින් රජයට බලකර සිටියා.ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වන් වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වූ ශ්‍රි ලාංකිකයන් පිරිස ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රමුබ රජයට බලකර සිටියේ රට තුල වරින් වර හිස ඔසවන ජාතිවාදයට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන ලෙසයි.
සියළුම ජනකොටස් වලට සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් රට තුල ස්ථාපිත කරන ලෙසද බ්‍රිතාන්‍යයේ ජීවත් වන ශ්‍රි ලාංකිකයන් පිරිස ලංකාවේ රජයට බලකර සිටියා. උද්ඝෝෂණය සඳහා එක්සත් රාජධානියේ ජීවත් වන විවිධ වෘත්තිකයන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.
තිලාන් ජයසේකර (ලන්ඩන් සිට)
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි