යුක්රේනය වෙත තවත් ඇ.ඩො. බිලියන 10කට වැඩි ආධාරයක් සැපයීමට ඇමරිකාව සැලසුම් කරයි.
බයිඩන් රජය පසුගිය 10වැනි දා එරට කොංග්‍රසය වෙත හදිසි මූල්‍ය ආධාර ඉල්ලීමක් ඉදිරිපත් කළේ ය. ඒ අනුව, යුක්රේනය වෙත ඇ.ඩො. බිලියන 13.1ක මිලිටරි ආධාර සැපයීමට සූදානම් බව වාර්තා වේ.
ඇමරිකාවේ රුසියානු තානාපති Anatoly Antonov මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ සිය පුරවැසියන්ගේ විරෝධතාව නොතකා ඇමරිකාව රුසියාව දුර්වල කරවීමේ අරමුණින් රුසියා-යුක්රේන යුද්ධය දීර්ඝ කිරීමට වරින් වර උත්සාහ කර ඇති බවයි. මෙම ප්‍රයත්නය නිසැකවම අසාර්ථක වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
යුක්රේනයට ඇමරිකාවෙන් තවත් මූල්‍ය ආධාරයක්

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි