දෙදින නේටෝ සාමාජික රටවල විදේශ අමාත්‍ය නිල නොවන රැස්වීම නෝර්වේ ඔස්ලෝ අගනුවර දී පැවැත්විණ. රැස්වීමේ දෙවන දිනයේ(1) නේටෝ මහලේකම් Jens Stoltenberg මහතා සහ නේටෝ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරු ප්‍රකාශ කළේ, යුක්රේනයට ආරක්ෂක සහතිකයක් සැපයිය යුතු බවයි. එසේම නේටෝව යුක්රේනයට දිගටම සහාය දෙනු ඇති අතර, නේටෝවේ දොරටුව යුක්රේනයට විවෘත වන බව Jens Stoltenberg මහතා ප්‍රකාශ කළේය. නමුත් ජර්මානු විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේ, යුද්ධයක් පවතින රටකට නේටෝවට සම්බන්ධ විය නොහැකි බවයි.
යුක්රේනය නේටෝවට එක් වීම රුසියාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කරනු ඇති අතර, මෙය රුසියානු ‘රතු ඉර’ වනු ඇති බව මේ පිළිබඳ අදහස් දැක් වූ රුසියානු ජනාධිපති Vladimir Putin මහතා නැවතත් අවධාරණය කළේය.
යුක්රේනය නේටෝවට එක් වීම රුසියානු ‘රතු ඉර’ වනු ඇති බව රුසියාව අවධාරණය කරයි

More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්