රුසියා – යුක්රේන ගැටුම් ඇති වීමෙන් පසු යුක්රේනය ඇමරිකානු ඩොර්ල බිලියන සියයක පමණ වටිනාකමින් යුත් යුද සහනාධාර ලබා ගත් බව යුක්රේනය පවසයි.
පසුගිය 3 වනදා යුක්රේන මාධ්‍ය වාර්තාවකට අනුව, හිටපු යුක්රේන ජාතිකාරක්ෂක අමාත්‍ය Oleksii Reznikov මහතා මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළේය. අදාළ සහනාධාර අතරින් අඩක් ඇමරිකාවෙන් ලැබූ බව ද හෙතෙම පවසා තිබේ.
ඊට අමතරව, යුක්රේනයට නව වටයේ යුද සහනාධාර ලබා දීම පිළිබඳව ප්‍රකාශ කිරීමට ඇමරිකාව මේ සතිය තුළ සැලසුම් කර ඇතැයි Reuters පුවත් ඒජින්සිය වාර්තා කර ඇත. මෙවර යුක්රේනයට ලබා දෙනු ඇති යුද පහසුකම් තුළ ප්‍රථම වරට ක්ෂය වූ යුරේනියම් අඩංගු සන්නාහ විදින පතොරම් තිබේ. එම පතොරම් ඇමරිකාවේ Abrams යුද ටැංකියේ සිට නිකුත් කළ හැකිය. අදාළ පහසුකම් ඉදිරි සති කිහිපය තුළ යුක්රේනයට ළඟා වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
ක්ෂය වූ යුරේනියම් බෝම්බ මිනිසුන්ට සහ පරිසරයට අධික හානිකරන අතර රසායනිකව හා විකිරණශීලීව විෂ සහිත බැවින් පිළිකා ඇති වීමේ අවධානමක් පවතී.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය