යුක්රේනය සහ මෝල්ඩෝවා යුරෝපා සංගමයේ අපේක්ෂකයන් වේ

යුරෝපා සංගමයේ දෙදින ගිම්හාන සමුළුව ඊයේ (23) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී ආරම්භ විය. එදින යුරෝපා කවුන්සිලය එම තීරණය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළේය. යුරෝපීය කවුන්සිලයේ මෙම තීරණය ඓතිහාසික තීරණ‍යක් බවයි විචාරකයන් පවසන්නේ. එය යුක්රේන සබදතා සදහා අද්වීතීය ඓතිහාසික අවස්ථාවක් බව යුක්රේන ජනාධිපති ට්විටර් පණිවිඩයක් මගින් සදහන් කර ඇත.
යුරෝපා සංගම් සාමාජිකත්වය සඳහා ‘වේගවත් මාවතක්‘ නොමැති බවත්, ප්‍රවේශය කුසලතා මත පදනම් වූ සහ ව්‍යුහගත ක්‍රියාවලියක් ලෙස පවතින බවත්, ඒ සඳහා යුරෝපා සංගම් සාමාජික නිර්ණායක සපුරාලීමට අවශ්‍ය වන අතර ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මත ඉදිරි වැඩපිළිවෙළ රඳා පවතින බවත්ය. අදාළ කොන්දේසි සම්පුර්ණයෙන්ම සපුරාලීමෙන් පසු, යුරෝපා කවුන්සිලය ඊළඟ පියවර ක්‍රියාවට නැංවීමට තීරණය කරනු ඇත. යුක්රේනය සහ මෝල්ඩෝවා යුරෝපා සංගමයේ අපේක්ෂකයන් ලෙස අනුමතවීමේ පියවර යුරෝපා සංගමය ශක්තිමත් කරන බව යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com