එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(4) යුක්රේන ප්‍රශ්න පිළිබඳ විවෘත රැස්වීමක් පවත්වමින්, ගැටුම්වලදී දරුවන්ගේ ජීවිත තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළේ ය. එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය චීන ස්ථාවර නියෝජිත Geng Shuang මහතා එහිදී සඳහන් කළේ, සන්නද්ධ ගැටුම් වල අහිංසකම ගොදුරු බවට පත්වන්නේ දරුවන් බවයි. සන්නද්ධ ගැටුම් වලින් දරුවන් ආරක්ෂා කිරීම සහ බේරා ගැනීම සඳහා, වඩාත්ම අත්‍යවශ්‍ය වන්නේ ගැටුම් තුරන් කිරීම සහ විසඳීම බව ද ඔහු කීය.
යුක්රේන ගැටුමෙන් කලාපයේ බොහෝ මහා පරිමාණ යටිතල පහසුකම්වලට විවිධ මට්ටමෙන් හානි සිදුව ඇති අතර, ද්‍රව්‍ය සැපයුම බරපතල ලෙස අඩු වී ඇත. තවත් ශීත සෘතුවක් එළඹ ඇත. එහි වැසියන්, විශේෂයෙන් දරුවන් වැනි අවදානම් සහගතව සිටින කණ්ඩායම්, යුද්ධයෙන් සහ දැඩි සීතලෙන් දැඩි පීඩාවන්ට ලක් විය හැකිය. ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් ජාත්‍යන්තර මානුෂීය නීතියට දැඩි ලෙස අනුගත විය යුතු බවත්, සිවිල් වැසියන්ගේ සහ සිවිල් යටිතල පහසුකම්වල ආරක්ෂාව සහතික කළ යුතු බවත්, Geng Shuang මහතා අවධාරණය කළේ ය. අදාළ පාර්ශ්වයන් ආරක්ෂක මණ්ඩලයේ යෝජනා වලට දැඩි ලෙස අවනත විය යුතු බවත්, සන්නද්ධ ගැටුම් වලදී දරුවන්ගේ ආරක්ෂාව ඵලදායී ලෙස ශක්තිමත් කළ යුතු බවත්, චීන නියෝජිතයා කියා සිටියේ ය.
අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ උත්සාහයන් වෙනුවෙන්, ජාත්‍යන්තර ප්‍රජාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට, චීනය කැමැත්තෙන් සිටින බව, Geng Shuang මහතා එහිදී සඳහන් කළේ ය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි