සිය මුහුදු කලාපයට ඇතුළු වීම අවහිර කර ඇතැයි යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා රුසියාවට චෝදනා කරයි.
ඔහු පැවසුවේ, ලබන සතියේ පැවැත්වීමට නියමිත රුසියානු නාවික අභ්‍යාසයක් හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බව ය.
යුක්‍රේනයේ අසොව් මුහුදු තීරය හා කළු මුහුද සම්පූර්ණයෙන්ම රුසියානු හමුදාවන්ගෙන් පිරීගොස් ඇතැයි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර රුසියානු හමුදා බෙලරූස් රාජ්‍ය සමග දින 10ක තවත් යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
දීර්ඝ යුක්‍රේන දේශසීමාවකට හිමිකම් කියන බෙලරූස් රාජ්‍ය, රුසියාවේ සමීපතම මිතුරෙකි.
ප්‍රංශය සඳහන් කළේ , සීතල යුද්ධයට පසුව රුසියාව, බෙලරූස් රාජ්‍යයට යෙදවූ වැඩිම සෙබළුන් සංඛ්‍යාව මෙම නව යුද අභ්‍යාසයට යොදවා ඇති බව ය.
රුසියාව මේ වන විටත් යුක්‍රේන දේශසීමා ආශ්‍රිතව ලක්ෂයකට අධික හමුදා භටයින් සංඛ්‍යාවක් යොදවා තිබේ.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්