අද සහ හෙට සීගිරියේ සහ පොළොන්නරුවේ සිදුකිරීමට නියමිතව තිබූ යුක්‍රේන සංචාරක කණ්ඩායමේ සංචාරයන් අවලංගු කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල දැනුම්දෙනවා.
මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් පිරිස අද(04) හා හෙට(05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නා.
ඒ හේතුවෙන් අද දහවල් 1.00 සිට පොළොන්නරුවේ සංචාරක ස්ථාන 4ක් හා හෙට (05) දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණා.
ඒ අනුව දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බවට මිට පෙර දැනුම් දී තිබු පොළොන්නරුවේ සංචාරක ස්ථාන මෙසේයි.
පරක්‍රම මාළිගා සංකීර්ණය
දළඳා මළුව
ශිව දේවාලය (අංක 02)
ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිලිම ගෙය, නෙළුම් පොකුණ
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට