යුක්රේනය මුල් කරගනිමින් අමෙරිකාවත්, රුසියාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය මේ වන විට උත්සන්න වී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
යුක්රේනය අස්ථාවර කිරීමට රුසියාව උත්සාහ ගන්නා බවට අමෙරිකාව චෝදනා කරනවා. රුසියාව එසේ කරන්නේ නම්, දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවටයි අමෙරිකාව අනතුරු අගවන්නේ. සෝවියට් සමූහාණ්ඩුව පැවති අවධියේ රුසියාවට අයත්ව පැවති යුක්රේනය මේ වන විට වෙන්වූ රාජ්‍යයක් ලෙසයි පවතින්නේ.
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ උපදෙස් අනුව රුසියාව මේ වන විට යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන බව අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අගවනවා. ඒ සදහා මේ වනවිටත් යුක්රේන – රුසියා දේශ සීමාවේ රුසියානු හමුදා දහස් ගණනක් යොදවා සිටිනවා.
ඊට ප්‍රතිචාර දැක්වීමට යුක්රේන හමුදා ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද සදහන්.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්