යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව සමඟ හෝ වෙනත් බටහිර රටක් සමඟ හෝ යුද වැදීමේ කිසිදු අදහසක් රුසියාවට නැති බවත්, යුද්ධයක් අවශ්‍ය වී ඇත්තේ ඇමෙරිකාවට බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යළිත් වරක් අවධාරණය කළේය.
යම්හෙයකින් රුසියාව මැදිහත් වී යුද්ධයක් ආරම්භ වුවහොත්, එය යුරෝපා කලාපයට පමණක් නොව මුළු ලොවටම විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
යුක්රේනය නේටෝ සංවිධානයට ‘හිතවත්වීම’ මුල්කොට ගනිමින් හටගත් අර්බුදය කඩිනමින් විසදීමට ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් පියවර ගත යුතු බව ද රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දුන්නේය.
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොලේස්, යුක්රේන සංචාරයකින් පසු රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති පුටින් හමුවී, යුක්රේන අර්බුදය සම්බන්ධයෙ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
ඉන්පසු ජනාධිපතිවරුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද සහභාගී විය. යුක්රේනය මුල්කොට ගනිමින් යුද්ධයකට යෑමේ කිසිදු අදහසක් රුසියාවට නැතැයි ජනාධිපති පුටින් අවධාරණය කළේ එම මාධ්‍ය හමුවේදීය.
ඕලාෆ් ෂොලේස් ජර්මන් චාන්සල්වරයා ලෙස රුසියාවට ගොස් රුසියන් ජනපති පුටින් හමුවූයේත්, ඊට පෙර යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවූයේත් පළමු වරටය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි